Published
මත්ද්‍රව්‍ය තොගයක් බවට සැකකෙරෙන උර සමඟ අවි ආයුධ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී එම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.
එම බහුදින ධීවර යාත්‍රාව ඉදිරි විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා මේ වනවිට ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බවද නාවික හමුදාව වැඩිදුරටත් පැවසුවා.





