Published
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පත පෙබරවාරි 17 වන දින විවාදයට ගෙන එදිනම සම්මත කිරීමට කටයුතු කරන බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසනවා.
එම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිසිදු විධිවිධානයකට අනනුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
ඒ අනුව එම පනත් කෙටුම්පත සරළ බහුතරයකින් සම්මත කළ හැකි බවයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කර ඇත්තේ.
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කතානායකවරයා වෙත දැනුම් දී තිබූ අදාළ තීරණය ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භයේදී කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සභාවට දැනුම් දුන්නා.




