ජාතික රාජ්‍ය සභාවේ 1977 අංක 1 දරණ පාර්ලිමේන්තු විශ්‍රාම වැටුප් ඉවත්කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා.

ඒ, අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින්.

මේ අතර අද දිනයේ විවාදයට ගැණුනු කොළඹ වරාය නගරය, ආර්ථික කොමිෂන් සභාව සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීමෙන් අනතුරුව සංශෝධන රහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.