රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණය කර ඒවා ලාභ ලබන තත්ත්වයට පත් කිරීම තවමත් සිදු වන්නේ මන්දගාමී ස්වරූපයකින් බව ආර්ථික විද්වතුන් පවසනවා.

එම වැඩපිළිවෙළ විධිමත්ව සිදු කිරීමට රජය කටයුතු කළ යුතු බවයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පැවසුවේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා දුන් බොහොමයක් ඉලක්ක සපුරාලීමට ශ්‍රී ලංකාවට හැකි වුවත් තවත් අවධානය යොමු කළ යුතු ක්ෂේත්‍ර දෙකක් පිළිබඳවද මෙහිදී අවධාරණය කෙරුණා.