මරණ තර්ජන එල්ලවී ඇති තමන්ට මෙතෙක් පොලිස් ආරක්‍ෂාව ලබා දී නැතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා අද දිනනයේද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුව අද උණුසුම් වුණා.
තමන්ට ආරක්‍ෂාව ලබාදිමට අදාළව පොලිස්පතිවරයා විසින් එවා තිබූ ලිපි දෙක පරපස්පර බවයි රෝහණ බණ්ඩාර මන්ත්‍රීවරයා එහිදී කියාසිටියේ.
කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊට පිළිතුරු ලබාදෙමින් සිටියදි පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතාද අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා ද එහිදී අදහස් පළ කළ අතර කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊටද ප්‍රතිචාර දැක්වූවා.
විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද ඉන් අනතුරුව එම විවාදයට එක් වුණා.
ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විපක්‍ෂ නායකවරයාට මෙලෙස පිළිතුරු ලබාදුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා ද විවාදයට එක් වුයේ මෙලෙසයි.
මේ, ඊට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්‍ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා.
සිය ගැටළුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා යළිත් අදහස් පළ කළ අතර ඊට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මෙලෙස පිළිතුරු ලබාදුන්නා.



