Published
මෙම වසරේ පළමු කාර්තුව තුළ විදුලි ගාස්තු සංශෝධනය නොකරන බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් තීරණය නිවැරදි නොවන බව සමගි බලශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා පවසනවා.
එවැනි පසුබිමක් තුළ මහජන උපයෝගිතා කොමිසම ඊයේ දිනයේදී ලබාදුන් තීරණය සම්බන්ධයෙන් එම කොමිසමට ස්තුති කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සිදුකළ ප්‍රකාශයට සිය විරෝධය පළ කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ආනන්ද පාලිත මහතා කියාසිටියේ.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ සමගි බලශක්ති ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා.




