Published
දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනා විභාගය අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවා.
අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම් විභාගය පැවැත්වුණා.
අද තුන්වන දිනටත් අභියාචනා විභාගය පැවති අතර විත්තිකාර අභියාචකයින්ගේ හා අල්ලස් කොමිසමේ නීතිඥවරියන්ගේ දේශන ඉදිරිපත් කිරීම අවසන් කෙරුණා.
ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම මෙම අභියාචනාවල තීන්දුව ප්‍රකාශයට පත් කිරීම පසුවට කල් තැබුවා.




