මාතලේ මහ නගර සභාවේ නගරාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ සභික අශෝක අජිත් කොට්ටහච්චි මහතා අද තේරී පත්වුණා.
ඒ, මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මියගේ ප්‍රධානත්වයෙන් මාතලේ මහ නගර සභා රැස්වීම් ශාලාවේදී පැවති ඡන්ද විමසීමේදීයි.
එහිදී නියෝජ්‍ය නගරාධිපති ලෙස ලංකා කම්කරු කොංග්‍රසයේ තේවර් සුබ්‍රමනියම් මෝහන් මහතා තේරී පත්ව තිබෙනවා.
සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයේ අශොක් අජිත් කොට්ටහච්චි මහතාගේ නම සහ සමගි ජන බලවේගයේ මොහමඩ් සෆරුල්ලා මහතාගේ නම යෝජනා වුණා.
එහිදි සර්ව ජන බලයේ සභික අමිල නිරෝෂන් ඉන්ද්‍රරත්න මහතා සභාව අමතමින් කියා සිටියේ ලංකා කම්කරු කොංග්‍රසයේ සභික රාමන් යෝගේෂ්වරි මහත්මියගේ සැමියා මාතලේ මහ නගර සභාවේ සේවකයකු බවත්, මේ හේතුව නිසා ඇයට සභිකධුරයක් දැරිම නීති විරෝධී බවයි.
එහිදී පළාත් පාලන කොමසාරිස්වරිය පවසා ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ගැසට් මගින් එම නම ප්‍රකාශ කර ඇති නිසා අදාළ නෛතික ක්‍රියාමාර්ග මෙම අවස්ථාවේදි ගත නොහැකි බවයි.
ඊට විරෝධය පළ කරමින් සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ සභිකයින් 10 දෙනා සභාවෙන් පිටව ගොස් තිබෙනවා.
ඒ අනුව පැවති රහස් ඡන්දයේදි ඡන්ද 12ක් ලබා ගෙන නගරාධිපති ලෙස අශෝක අජිත් කොට්හච්චි මහතා තේරි පත්ව ඇති අතර පැවති විවෘත ඡන්ද විමසිමේදි ඒකමතිකව ලංකා කම්කරු කොංග්‍රසයේ තේවර් සුබ්‍රමනියම් මෝහන් මහතා නියෝජ්‍ය නගරාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබෙනවා.
මහේෂ් කීර්තිරත්න