පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීම සම්බන්ධයෙන් අද විපක්ෂය සහ ආණ්ඩු පක්ෂය සිය ප්‍රතිචාරය පළ කළා.

සමගි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ මෙම තීරණය හේතුවෙන් රටට ජාත්‍යන්තර වශයෙන් පවා අපකීර්තියක් එල්ල වන බවයි.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් අද මේ පිළිබඳ ප්‍රශ්න කළා.

එහිදී මාත්‍යවරයා සඳහන් කළේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ඒක පුද්ගල විමර්ශන කමිටුවක නිර්දේශ මත පියවර ගෙන ඇති බවයි.

එම කමිටුව මගින් නිර්දේශ දෙකක් ඉදිරිපත් කර තිබූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් ලෙස කටයුතු කළ චමින්ද කුලරත්න මහතාගේ වැඩ තහනම් කිරීමට ඉකුත් දා පියවර ගෙන තිබුණා.