හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගගේ සංකල්පයක් අනුව දිවයිනේ සෑම ප්‍රදේශයකම වේගපන්දු යැවීමට සමත් ක්‍රීඩකයන් තෝරා ගැනීමේ පළමු අදියර කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී අද (14) පෙරවරුවේ ආරම්භ වුණා.

එහිදී කිලෝමීටර් 2ක දුරක් මිනිත්තු 8යි තත්පර 30 කාලයක් ඇතුළත නිමා කළ ක්‍රීඩකයින් පස්වරුවේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පන්දු යැවීමට යොමු කරන බවයි ලසිත් මාලිංග පැවසුවේ.

එම අවස්ථාවට එක්ව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ප්‍රධාන පුහුණුකරුවකු වන සනත් ජයසූරිය මහතා ද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.