පවතින නෛතික කටයුතු කඩිනමින් අවසන් කර මෙම වසර අවසන් වීමට පෙර පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි පැෆ්රල් සංවිධානය ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නෙත් නිවුස් වෙත පැවසුවේ එම මැතිවරණය පවත්වන ආකාරය තීන්දු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුවද එම කමිටුව මෙතෙක් පත්කර නොමැති බවයි.

එතෙක් දේශපාලන පක්ෂවලට පැවරෙන වගකීමක් සම්බන්ධයෙන් ද පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා අදහස් පළ කළා.