එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව සහභාගීවීමට තිබූ අවස්ථාව ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ගිලිහී ගියා.
ඒ දෙරට අතර පැවති තුන්වන හා අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේදී එංගලන්ත කණ්ඩායම හමුවේ ලකුණු 12කින් පරාජයවීම වීම හේතුවෙන්.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ මුල් කඩුළු 06 ලකුණු 60ක් තුල දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වුණා.
එහෙත් සටන අත්නොහල එංගලන්ත පසුපෙළ පිතිකරුවන් පන්දුවාර විස්ස නිමාවන විට සිය ලකුණු පුවරුව කඩුළු 09කට ලකුණු 128ක් දක්වා ඉහල නැංවීමට සමත් වුණා.
බිද වැටී තිබූ එංගලන්ත ඉනිම යලි ගොඩ නැගූ සෑම් කරන් පන්දු 48කදී ලකුණු 58ක් රැස් කලා.
ජොස් බට්ලර් පන්දු 21කදී ලකුණු 25යි.
ලකුණු 129ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ සියළුම පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 03කදී ලකුණු 116කට සීමා කිරීමට එංගලන්ත පන්දු බල ඇනිය සමත් වුණා.
පන්දුවෙන් දස්කම් දැක්වූ ජේකොබ් බැත්ල් ලකුණු 11කට කඩුළු 04ක් දවා ගත්තා.
ඒ අනුව 3 ට බිංදුවක් ලෙස පූර්ණ තරගාවලි ජයග්‍රණයක් අත්කර ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වුණා.




