ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙම වසරේ මැයි මාසයේ ලක්ෂ්‍යමය උද්ධමනය සියයට 0යි දශම 6ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මාසයේදී සියයට ඍණ 0යි දශම 8ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය ඉකුත් මැයි මාසයේදී සියයට 0යි දශම 6ක් දක්වා වැඩි වී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පැවසුවේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී සියයට 2.9ක් ලෙස වාර්තා වූ ආහාර කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඉකුත් මැයි මාසයේ දී සියයට 5යි දශම 9ක් දක්වා වැඩි වී ඇති බවයි ජන ලේඛණ හා සංඛ්‍යාලේඛණ දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙන්නේ.

පසුගිය අප්‍රේල් මාසයේ දී සියයට ඍණ 3.7ක් වූ ආහාර නොවන කාණ්ඩයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය ඉකුත් මැයි මාසයේ දී ඍණ 3.4ක් දක්වා වැඩි වී තිබෙනවා.