Published
රට තුළ මිනිසුන් වෙඩි තබා ඝාතනය කිරීම සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් දේශපාලන වේදිකාව තුළ මේ වන විට විවිධ අදහස් පළ වනවා.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ රට තුළ ජනතාවට නිදහසේ ජීවත් වීමේ අයිතිය මේ වන විට අහිමි වී ඇති බවයි.
පුරවැසියාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මීට වඩා ආණ්ඩුව සිතිය යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ.
පාතාලය මර්දනය කිරීම සරල කටයුත්තක් නොවන බවත් කෙසේ වෙතත් මර්දනය කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවත් අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පැවසුවා.
මේ අතර පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවසුවේ වැටලීම් සිදුකර මත්ද්‍රව්‍ය ව්‍යසනයෙන් රට බේරා ගැනීමට නොහැකි නම් එය පොලිසියේ දුර්වලතාවයක් බවයි.




