ලොව අතිශය ජනාදරයට පත් වී තිබෙන යොවුන් රූ රැජින තරගාවලියක් වන , මිස් ටීන් ඉන්ටර්නැෂනල් තරගාවලියේ අධ්‍යක්ෂ නිශාන්ත ආනන්ද් මහතා දිවයිනට පැමිණ තිබෙනවා.

කොළඹ අරලියගහ මන්දිර්යේ පැවැත්වෙන මෙරට රූ රැජින තරගාවලියක සහතික පත් බෙදාදීමේ උත්සවයක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වීම සදහා ඔහු දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපොල නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

ඉන්දියාවේ නවදිල්ලි නුවර සිට ඉන්දීය ගුවන් සේවයේ ගුවන් යානයකින් ඔහු කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.