මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වන විට සාමාන්‍ය පරිදි සිදු වන බව ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුනසේන මහතා පවසනවා.

පසුගියදා මොරටුව සහ පානදුර දුම්රිය ස්ථාන අතරදී සිදුවීමට ගිය විශාල අනතුරු දෙකක් වළක්වා ගැනිමට දුම්රිය රියදුරෙකු සහ ප්‍රද්ශවාසියෙකු සමත් වුණා.

සංඥා ගැටලුවක් හේතුවෙන් එකම මාර්ගයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී සිදුවීමට ගිය අනතුර වළක්වා ගැනිමට හැකි වූ අංක 328 මන්දගාමී දුම්රියේ රියදුරා ලෙස කටයුතු කළ විදුර විදර්ශන මහතා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පානදුර සහ එගොඩ උයන දුම්රිය ස්ථාන අතර මුහුදුබඩ මාර්ගයේ එක් දුම්රිය මන්තීරුවක පීල්ලක්ද කැඩී ගොස් තිබුණා.

එය දුටු ප්‍රදේශවාසියෙකු රෙදි වැලක වනා තිබූ රතු පැහැති ගවුමකින් අනතුරු ඇගවීමේ සංඥාවක් පෙන්වා ඒ වන විට අදාළ ස්ථානයට ළඟා වෙමින් තිබූ සාගරිකා දුම්රිය නතර කිරීමට සමත් වුණා.

දුම්රිය නවත්වා ගැනීමට ක්ෂණිකව ක්‍රියාත්මක වූ පුද්ගලයා ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.

එවන් පසුබිමක් තුළ පවතින සංඥා ගැටලු විසඳන තෙක් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඊයේ මධ්‍යහ්න 12 සිට ඉවත්වීමටයි දුම්රිය රියදුරන් තීරණය කළේ.

දුම්රිය සාමාන්‍යාධිනාරිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම තීරණය අත්හිටුවීමට දුම්රිය රියදුරන් තීරණය කළා.

කෙසේවෙතත් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බවයි ප්‍රවාශන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසුවේ.