මෙම වසරේ පෙබරවාරි 12 වන දින දක්වා කාලය තුළ දිවයිනට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ හතරේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ ඒ අනුව විදෙස් සංචාරකයින් හාරලක්ෂ දාහත්දහස් අසූ හත් දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

මෙලෙස පැමිණ ඇති සංචාරකයින්ගෙන් වැඩිම පිරිසක් ඉන්දීය ජාතිකයින් වන අතර එම සංඛ්‍යාව හැත්තදාස් අටසීය අසුවක්.

එමෙන්ම බි්‍රතාන්‍යයේන් පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 44,053 ක් වන අතර රුසියානු ජාතිකයින් 36,949ක් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය පැවසුවේ.

ජර්මානුය සංචාරකයින් 28,332ක්, චීන ජාතික සංචාරකයින් 22,309 දෙනෙකු ද මෙම කාලය තුළ දිවයිනට පැමිණ තිබෙන අතර පෙබරවාරි මාසයේ පළමු දින 12ක කාලය තුළ පමණක් විදෙස් සංචාරකයින් එක් ලක්ෂ හතළිස් හතරදාස් හැට දෙනෙකු පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.