Published
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නගාසිටුවීම සදහා නව වැඩපිලිවෙලක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ මෙරට ක්‍රිකට් ක්‍රීඩාව යළි ජයග්‍රාහී මට්ටමකට ගෙන ඒම සදහා අවශ්‍ය සැලසුමක් සකස් කරමින් ඇති බවයි.
මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැගීම සදහා ක්‍රිකට් පරිපාලනය, අතුරු පාලක කමිටුවකට පැවරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමග මෙරට බළධාරීන් මේ වන විටත් සාකච්ඡා සිදුකරමින් සිටිනවා.
ක්‍රිකට් ක්‍රීඩාව නගා සිටුවීම සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද මැදිහත් වි ඇති බවයි අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ඊයේ අනාවරණ කලේ.




