ඊශ්‍රායලය ටෙහෙරානයට නව ප්‍රහාර මාලාවක් එල්ල කිරීමත් සමග තම මෙහෙයුම වෙගවත් කර ඇති බව ඉරානය පවසනවා.
එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර ඇත්තේ යුද්ධය ආරම්භ වූ දා සිට තම ”වඩාත්ම තීව්ර හා දරුණුතම මෙහෙයුම” ඉරානය විසින් දියත් කර ඇති බවයි.
එක්සත් ජනපද සහ ඊශ්‍රායල හමුදා යුද්ධය ආරම්භ වූ දා සිට ගතවූ දින 12 තුල රටේ සිවිල් ස්ථාන 10,000 කට ආසන්න සංඛ්‍යාවකට බෝම්බ හෙලා ඇති අතර සිවිල් වැසියන් 1,300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බවද ඉරානය පවසා තිබෙනවා.
ඉරාන ඩ්‍රෝන යානයක් ඉරාකයේ එක්සත් ජනපද රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථානයකට පහර දුන් බවටද වාර්තා පලව තිබෙනවා.
ඊශ්‍රායලය පැවසුවේ ටෙහෙරානයේ ඉලක්ක වෙත ”අතිරේක ප්‍රහාර රැල්ලක්” ඊයේ දිනයේ සිට ආරම්භ කළ බවයි.
හෝර්මුස් සමුද්‍ර සන්ධිය අසල ඉරාන බිම් බෝම්බ නෞකා 16කට ප්‍රහාර එල්ල එල්ල කල බව අමෙරිකාව ප්‍රකාශ කලා.
ඒ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ඉන්ධන ප්‍රවාහනයට බාධා එල්ල කලහොත් එම කලාපයේ ඉරාන නෞකාවලට පහරදෙන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට පෙර අනතුරු අඟවා තිබූ පසුබිමක් තුලයි.
ඉරානය හෝර්මුස් සමුද්‍ර සන්ධියේ නාවික බිම්බෝම්බ යෙදවීමට සූදානම් වන බවටද අමෙරිකාව මීට පෙර චෝදනා එල්ල කර තිබුණා.




