ගරු ප්‍රධානාචාර්‍ය පූජ්‍ය එල්ලාවල ධම්මවංස නා හිමියන්ගේ මගපෙන්වීම හා අනුශාසකත්වයෙන් උප ප්‍රධානාචාර්‍ය ජී.එම් කනිෂ්ක දේශාන් අපෝන්සු ගුරු මහතා හා ආචාර්ය මණ්ඩලයේ සංවිධායකත්වයෙන් 2026 මාර්තු 08 වන දින ප.ව 2.00 ට මොරටුව බෞද්ධ මන්දිරයේ දී සිදු කර තිබෙනවා.

එහි ප්‍රධාන ආරාධිතයන් වහන්සේ ලෙස කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍යපාද අගලකඩ සිරිසුමන නාහිමිපාණන් වහන්සේ හා කොළඹ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේකඛාධිකාරී පූජ්‍යපාද හබරකඩ සුමනසාර හිමිපාණන් වහන්සේ වැඩම කර තිබෙනවා.

අප දහම් පාසල මොරටුව ප්‍රදේශයේ ඉතා දිදුලන දහම් පාසලක් වන අතර එහි දරුවන් 300 කට ආසන්න ප්‍රමාණයක් හා ගුරුභවතුන් 35 කට ආසන්න ප්‍රමාණයක් සිටින ධර්මායතනයකි.