මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලය හා මොරටුව දහම් ගුරු සභාව එක්ව සංවිධානය කරන ලද ශිෂ්‍ය නායක පුහුණු එක් දින කදවුර 2026 පෙබරවාරි 22 ඉරු දින පෙ.ව 6.00 සිට ප.ව 9.30 දක්වා මොරටුව සොයිසාපුර ශ්‍රී සම්බෝධි නුගාශ්‍රම විහාරස්ථානය හා සොයිසාපුර ක්‍රීඩාංගනය මූලික කරගෙන පැවැත් වූ අතර මේ සදහා මොරටුව ප්‍රදේශයේ දහම් පාසල් පනස් පහක් නියෝජනය කරමින් දරුදැරියන් 200 කට ආසන්න ප්‍රමාණයක් සහභාගී වි තිබෙනවා.

මෙම වැඩසටහන මෙහෙවීම සිදු කළේ ගාල්ල කරන්දෙනිය සිප් සියපත් අධ්‍යාන කවය විසිනි.

එහි රකිත මුණසිංහ මහතා ඇතුළු කණ්ඩායම දවස පුරාම මේ සදහ දැඩි වෙහෙස මහන්සියක් ගත් අතර, මේ සදහා අනුශාසකත්වය හා මගපෙන්වීම මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ගරු ලේකඛාධිකාරී ශ්‍රී සම්බෝධි නුගාශ්‍රම මහා විහාරාධිපති පූජ්‍ය වැලිවුල්ලේ දමිත නාහිමිපාණන් වහන්සේ හා ප්‍රාදේශීය ලේකම් එස්.පී කිරිවත්තුඩුව මැතිතුමා විසින් සිදු කල අතර,සංවිධාකත්වය සිදු කළේ මොරටුව දහම් ගුරු සභාවේ සභාපති පූජ්‍ය අටවක්වෙල කුසලරතන හිමිපාණෝ හා දහම් ගුරු සභාවේ ලේකම් ජී.එම් කනිෂ්ක දේශාන් අපෝන්සු ගුරු මහතාය.

දහම් ගුරු සභාවේ විධායක සභා නිලධාරීන්ගේ ද පූර්ණ දායකත්වය අනුග්‍රාහකත්වයෙන් පවත්වා තිබෙනවා.