Published
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නාරාහේන්පිට ශාඛාවේ නියෝජ්‍ය කොමසාරිස්වරයා ඇතුළු සැකකරුවන් තිදෙනා ජුලි මස 07 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය අද නියෝග කළා.
බලපත්‍ර ලබා ගැනීම සඳහා පැමිණෙන මහජනතාවගෙන් අල්ලස් වශයෙන් ලබාගත් මුදල් මෙම සැකකරුවන් සන්තකයේ තිබූ බවයි අල්ලස් කොමිසම සඳහන් කළේ.
අල්ලස් ලෙස ලබාගත් රුපියල් ලක්‍ෂ 40කට ආසන්න මුදලක් සන්තකයේ තබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින ඔවුන් මේ වන විට පසුවන්නේ ද රක්ෂිත බන්ධනාගර ගතවයි.