Published
අම්පාර, මඩකලපුව, පොළොන්නරුව, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, වව්නියාව හා යාපනය දිස්ත්‍රික්කයේ පිහිටි ගංගා ද්‍රෝනිවලට ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ලබාදී ඇති පුරෝකථනයන් අනුව ඌව, නැගෙනහිර, මධ්‍යම, උතුරුමැද හා උතුරු පළාත් තුළ පිහිටි ගංගා ද්‍රෝණිවලට වැඩි වර්ෂාපතනයක් ලැබීමට ඉඩ ඇති බැවින් ඊයේ රාත්‍රි 11 ට වාරිමාර්ග දෙපාර්තමේන්තුව එම පූර්ව ගංවතුර අනතුරු ඇගවීමේ නිවේදනය නිකුත් කර තිබෙනවා.
මේ හේතුවෙන් ඉහත දැක්වූ දිස්ත්‍රික්කවල පිහිටි ගංගා නිම්න ආශ්‍රිතව ජීවත් වන ජනතාවට ඒ සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසටයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 11ක ජලාශ හා වැව් 35ක් වාන් දොරටු විවෘත කර හෝ වාන් මට්ටමේ පවතින බවද වාරිමාර්ග දෙපාර්තමේන්තුව සදහන් කළා.




