Published
යාපනය,පන්නෙයි ප්‍රදේශයේ කලපුවේ දිය නෑමට ගිය පුද්ගලයින් දෙදෙනෙකු දියේ ගිලීමෙන් ජිවත්ක්ෂයට පත්ව තිබෙනවා.
සිව්දෙනෙකු අතරින් පුද්ගලයින් දෙදෙනෙකු
ඊයේ සවස යාපනය,පන්නෙයි ප්‍රදේශයේ කලපුවේ දිය නෑමට පුද්ගලයින් 4දෙනෙකු ගොස් තිබු අතර එම අනතුරින් දෙදෙනෙකු බේරා ගෙන රෝහල්ගත කොට ඇති බව යාපනය පොලිසිය සඳහන් කර සිටියේ
,සිද්ධියෙන් වයස අවුරුදු 18 ක් 20 ක් වයසැති දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය පැවසුවේ
ප්‍රදේශවාසීන් හා පොලිස් නිළධාරීන් දියේ ගිලුණු පිරිස ගොඩගෙන යාපනය රෝහලට ඇතුළත් කොට ඇති අතර,එහිදි පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් සිටි බවත්,ඉතිරි දෙදෙනා ප්‍රතිකාර වෙනුවෙන් රෝහල්ගත කළ බවත් පොලිසිය පැවසූහ.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.





