රට තුළ මතුව ඇති ප්‍රවණතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් අද පැවැත්වීමට නියමිතයි.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ගැටලු සම්බන්ධයෙන් අධ්‍යයනය කර විසඳුම් සහිත වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ මධ්‍යම කාරක සභාව විසින් පත් කරන ලද විශේෂ කමිටුවේ වාර්තාවද අද දිනයේදි ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
මෙම සියලු කරුණු සමාලෝචනය කරමින් ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් තීරණාත්මක තීන්දු රැසක් අද දිනයේදී ප්‍රකාශයට පත්කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේ.
මේ අතර, ඉන්ධන සීමා සහිත වීම හේතුවෙන් ඉදිරියේදි රෝහල් පද්ධතිය පවත්වා ගෙන යාම සම්බන්ධයෙන් දැඩි අවදානමක් ද මතුව ඇති බව එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසනවා.
ඔහු කියා සිටියේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සෘජුව මැදිහත් විය යුතු බවයි.
මේ අතර, වෛද්‍යවරුන්ගේ අවශ්‍යතාවයට අනුව ඉදිරියේදී ඉන්ධන නිකුත් කිරීමට අපේක්ෂා කරන බව සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පවසනවා.
ඔහු කියා සිටියේ සේවා අවශ්‍යතාව මත නිකුත් කරනු ලබන ඉන්ධන ප්‍රමාණය දැක්වෙන චක්‍රලේඛයක් නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.




