මෙම වසරේදී රටවල් 15ක් ඉලක්ක කරගනිමින් ගෝලීය සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පවසනවා.

ඔහු කියා සිටියේ මෙම ගෝලිය ප්‍රචාරණ වැඩපිළිවෙළ සදහා රුපියල් බිලියන 2ක් පමණ වෙන් කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ලෝක මට්ටමින් මේ වන විට ඉතා හොඳ ස්ථානයකට පැමිණ තියෙනවා.

ඒ අනුව සංචාරකයින්ගේ පැමිණීම ද මේ වන විට ප්‍රමාණාත්මකව ඉහළ මට්ටමක පවතිනවා.

මේ වන විට පැවැත්වෙන පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියද සංචාරක ආකර්ෂණය ඉහළ යාම සදහා හේතුවී ඇති බවයි සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා කියා සිටියේ.

මේ වසරේ මේ දක්වා කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව ලක්ෂ 04 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා පැවසුවේ 2026 වසරේ පෙබරවාරි 15 වනදා දක්වා ගතවූ කාලය තුළ සංචාරකයින් හාර ලක්ෂ 36,000ක් පමණ දිවයිනට පැමිණ ඇති බවයි.