Published
මහවැලි සී සහ බී කලාප පෝෂණය කෙරෙන බදුල්ල දිස්ත්‍රික්කයේ ගිරාඳුරුකෝට්ටේ පිහිටි උල්හිටිය රත්කිඳ මහවැලි ජලාශයේ වාන් දොරටු 7 න්වාන් දොරටු තුනක් විවෘත කර තිබෙනවා.
බදුල්ල දිස්ත්‍රික්කයට මේ දිනවල පවතින අධික වර්ෂාව නිසා ජලාශයේ ජල ධාරිතාවය ඉහළ යාම හේතුවෙන් වාන් දොරටු විවෘත කල බව ජලාශය භාර නේවාසික තාක්ෂණ නිලධාරී දීප්ත චන්දන ජයසේකර මහතා පවසනවා.
මෙලෙස විවෘත කරන ලද එක් වාන් දොරටුවකින් අඟල් 08 ක් සහ අනෙක් වාන්දොරටු දෙකෙන් අඟල් 04 බැගින් ජලය පිට කෙරෙන අතර වාන් දොරටු තුනෙන්ම ජලය පිට කිරීමේ වේගය තත්පරයට ඝණ අඩි මීටර් 15 වන ලෙස උල්හිටිය ඔයට ජලය මුදා හැරෙන බව ජලාශයේ තාක්ෂණ නිලධාරියා සඳහන් කර තිබෙනවා.
මෙම තත්ත්වය මත උල්හිටිය ඔය ප්‍රදේශය දෙපස වෙසෙන ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජලාශයේ නේවාසික තාක්ෂණ නිලධාරියා ජනතාවට දන්වා සිටිනවා.




