ලෝක ආර්ථිකයේ පවතින අවිනිශ්චිතතාව රත්‍රං මිල ශිඝ්‍ර ලෙස ඉහළ යාමට ප්‍රධානතම හේතුව බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථිකවිද්‍යා හා සංඛ්‍යානවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඊයේ දිනය වන විට රත්‍රං අවුන්සයක මිල ඉතිහාසයේ පළමු වරට අමෙරිකානු ඩොලර් 5,000 සීමාව ඉක්මවා ගියා.

ඊට සාපේක්‍ෂව මෙරට කැරට් 22 රන් පවුමක මිලද රුපියල් ලක්ෂ හතරකට ආසන්න වී තිබෙනවා.

මීට බලපෑ හේතු සම්බන්ධයෙන් මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා මෙලෙස කරුණු දැක්වුවා.