පළාත් පාලන ආයතන සඳහා නගරාධිපතිවරු සහ සභාපතිවරු පත් කිරීමේදී පැවැත්විය යුත්තේ විවෘත ඡන්දයක් ද නැතහොත් රහසිගත ඡන්දයක් ද යන්න පිළිබඳ මේ දිනවල දේශපාලන වේදිකාවල විවිධ මත පළ වෙමින් තිබෙනවා.
විපක්ෂය චෝදනා කරන්නේ පවතින නීතියට අනුව පළාත් පාලන ආයතනවල නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේදී එහි නියෝජිතයින් පත් කර ගැනීම විවෘත ඡන්දයකින් සිදුකල යුතු බවයි.
කෙසේවෙතත් වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන මැති ඇමතිවරුන් සඳහන් කරන්නේ පළාත් පාලන ආයතනවල සිටින කොමසාරිස්වරුන්ගේ අභිමතය පරිදි එම ආයතනවල නියෝජිතයන් පත් කිරීමේ හැකියාවක් පවතින බවයි.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක මහතාගෙන් විමසීමකදී කළා.
එහිදී ඔහු සඳහන් කළේ පළාත් පාලන නියෝජිතයින් තෝරා ගැනීමේදී පවතින නීති ක්‍රමවේදය තුළ එය පැහැදිලිව සඳහන් වී නොමැතිනම් අදාළ ආයතනවල ප්‍රධාන කොමසාරිස්වරුන්ට නීතිපතිගේ අර්ථකතනයක් ලබා ගැනීමේ හැකියාවක් පවතින බවයි.
පළාත් පාලන ආයතනවලට සභිකයින් තෝරා ගැනීමේදී කොමසාරිස්වරුන්ට පැවරී ඇති වගකීම් සම්බන්ධයෙන් ද මෙහිදී කරුණු පැහැදිලි කිරීමක් සිදු කළා.