රාජකීය ඕමාන නාවික හමුදාවට අයත් ‘AL SEEB’ යුද නෞකාව සැපයුම් හා සේවා සපුරා ගැනීම සඳහා ඊයේ(22) දිවයිනට පැමිණි අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගැනීම කොළඹ වරායේදී සිදු කෙරරුණා.

ඒ අනුව, කොළඹ වරායට පැමිණි ‘AL SEEB’ යුද නෞකාව, දිගින් මීටර් 75ක් වන අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස ලුතිනන් කොමාණ්ඩර් Hamad Bin Mohammed Aldarmaki කටයුතු කරනු ලබනවා.

මෙම සංචාරය මඟින් දෙරටේ නාවික හමුදා අතර වෘත්තීමය දැනුම හුවමාරුව සහ අන්තර් ක්‍රියාකාරි අවබෝධය වර්ධනය වීමටද දායකත්වයක් ගෙන දෙනු ලබයි.

තවද, මෙම යුද නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව කොළඹ ප්‍රදේශයේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.