ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය මගින් නිකුත් කළ නව මාර්ගෝපදේශ මාලාව නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි ප්‍රගති සමාලෝචනයක් සිදුකරන බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පවසනවා.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන් යුත් රාජ්‍ය සේවය විධිමත්ව පවත්වාගෙන යාම සදහා වූ කමිටුවේ තීරිණයකට අනුව මාර්ගෝපදේශ මාලාවක් පසුගියදා නිකුත් කරනු ලැබුවා.
එය නිසි පරිදි ක්‍රියාත්මක වන්නේ දැයි සතියක කාලයක් පුරා පරීක්‍ෂාවක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා කියාසිටියේ.
රජයේ ආයතන මෙන්ම මහජනතාවද ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීම වැදගත් වන බවයි අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.