Published
රජයේ නිලධාරීන්ට ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල ඉහළ දැමීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යංශය මගින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව එක් වාර්ෂික උත්සවයක් සඳහා ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල වැඩි කර ඇත්තේ රුපියල් 15,000ක් දක්වායි.
එම අත්තිකාරම් මුදල පොලී රහිතව ලබා දෙන බවද එම චක්‍රලේකයේ සඳහන්.
මේ දක්වා උත්සව අත්තිකාරම් ලෙස රාජ්‍ය සේවකයන්ට ලබා ගත හැකිව තිබුණේ රුපියල් 10,000ක් පමණයි.




