Published
ශ්රී ලංකාවේ ඉස්ලාමීය ජනතාව රාමසාන් උපවාස මාසය අදින් ආරම්භ කළා.
රට පුරා පත් කරන ලද හිලාල් උප කමිටුවල වාර්තාවලට අනුව නව අඩ සඳ ඊයේ දර්ශනය වූ බැවින් මෙලෙස රාමසාන් උපවාස මාසය අදින් ආරම්භ කිරීමටයි කොළඹ මහ පල්ලිය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව ඒකමතිකව තීරණය කළේ.
ඉස්ලාමීය චන්ද්ර දින දර්ශනයේ 9වන මාසය රාමසාන් මාසයේ උපවාසය වන අතර, එය ඉස්ලාමයේ කුළුණු පහෙන් එකක් ලෙස සැලකෙනවා.




