අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වනදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, එම සැකකරු ඊයේ පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ලබාදුන් නියෝගයකට අනුවයි.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමට අදාළ ප්‍රසම්පාදන කමිටුවේ සභාපති ලෙස කටයුතු කරමින් එකී මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී අල්ලස් ලබාගැනීමේ චෝදනාව මත කපිල චන්ද්‍රසේන මහතා අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ, පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුවයි.

එලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු කපිල චන්ද්‍රසේන මහතා ඊයේ රාත්‍රියේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.