රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ත්‍රිකුණාමල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒ.සී. ගජනායක මහතා පැවසුවේ පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් වෛද්‍ය පරීක්ෂණයක් සඳහා එලෙස රෝහල් ගත කළ බවයි.

උන්වහන්සේට පසුගියදා උණ රෝගය වැළඳී තිබූ බවයි වාර්තා වුණේ.

ඒ අනුව බන්ධනාගාර වෛද්‍යවරයා විසින් පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් පරික්ෂා කර තිබෙනවා.

එහිදී ලබාදුන් වෛද්‍ය නිර්දේශ මත උන්වහන්සේ රුධිර සාම්පල පරික්ෂාවක් සඳහා එලෙස අද පෙරවරුවේ රෝහල් ගත කර තිබෙනවා.

ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ඇතිවූ ගැටළුකාරී සිද්ධිය සම්බන්ධයෙන් පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු භික්ෂූන් වහන්සේ සිව් නමක් සහ තවත් සැකකරුවන් 06 දෙනෙකු පසුගියදා අත්අඩංගුවට ගැනුණා. ඒ අනුව එම පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.