රුපියල් හාර දහසක අල්ලස් මුදලක් ලබාගත් අක්කරෙයිපත්තුව පොලිස් ස්ථානයේ රථ වාහන අංශයේ සැරයන්වරයෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුවයි.
පැමිණිලිකරු විසින් පැදවූ යතුරු පැදියෙන් ඔහුගේ මව වැටී සිදුවූ රිය අනතුරක් සම්බන්ධව 119 අංකයට පැමිණිල්ලක් ලැබී ඇති බව පවසා මවගේ ප්‍රකාශයක් ලබාගෙන ඒ සදහා නීති මගින් කටයුතු නොකර සිටිමට හා පොලිස් භාරයට ගත් රියදුරු බලපත්‍රය නැවත ලබාදිමට සැකකාර පොලිස් නිලධාරියා රුපියල් 5,000 ක මුදලක් ඉල්ලා තිබෙනවා.
ඉන් රුපියල් දහසක මුදලක් මුල් අවස්ථාවේදි ලබාගෙන සැකකාර නිලධාරියා විසින් පැමිණිලිකරුට රියදුරු බලපත්‍රය ලබාදී ඇති බවයි අල්ලස් කොමිසම පැවසුවේ.
නීති මගින් කටයුතු නොකර සිටීම සදහා අක්කරෙයිපත්තුව රෝහල තුළදී ඉතිරි රුපියල් හාර දහසක මුදල ලබාගත් අවස්ථාවේදී සැකකාර පොලිස් නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි අල්ලස් කොමිසම වැඩිදුරටත් සදහන් කළේ.




