Published
රුහුණු මහා කතරගම දේවාලයේ හිටපු ප්‍රධාන කපු ධුරන්දර සොමිපාල ටී රත්නායක කපු මහත්මාගේ වියෝවයෙන් පුරප්පාඩු වූ එම ධූරය සඳහා සරත් සේපාල තිඹලත් රත්නායක මහතා තෝරා පත් කර ගෙන තිබෙනවා.
ඒ, කපු මණ්ඩලය විසින් යෝජනා සහ ස්ථීර කිරීමෙන් පසු නිලමේතුමන් වෙත කල ඉල්ලීමකට අනුවයි.
සරත් සේපාල තිඹලත් රත්නායක මහතා මෙතෙක් තේවේ කපු රාළ සහ පෙරහර බලන කපු රාළ ලෙස කටයුතු කළා.
ඔහු රුහුණු මහා කතරගම දේවාලයේ, වල්ලි අම්මා දේවාලය යන උභය දේවාලයන්හි කපු ධුරන්දරව කටයුතු කළ චාල්ස් තිඹලත් රත්නායක කපු මහතාගේ සහ එම මැතිනියගේ පුත්‍රයෙකු වනවා.
එමෙන්ම මාගම වලව්වත්ත පරපුරේ තිඹලත් රත්නායක සොලමන් අප්පු කපු රාළගේ මුණුබුරා වූ සරත් සේපාල කපු මහතා ගාල්ල මහින්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක්.





