සම සෞඛ්‍ය ගැටලුව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය මේ වන විට වැඩවර්ජනයක නිරත වනවා.

වැඩවර්ජනය ආරම්භ වුණේ පෙරවරු 08.00 ටයි.

කෙසේවෙතත් වැඩවර්ජනය සම්බන්ධයෙන් සොයා බැලීමට කොළඹ ජාතික රෝහලට ගිය නෙත් නිවුස් කණ්ඩායමට දැකගත හැකි වුණේ ගැටලු කිහිපයක් මතුව තිබුණ ද හැකි උපරිම පරිදි රෝහලේ කටයුතු සිදුවන ආකාරයයි.

මේ, එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා.

මෙම වර්ජනය අසාධාරණ බවයි සමස්ත ලංකා හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.එම්.එස්.බී. මැදිවත්ත මහතා පැවසුවේ.

කෙසේවෙතත් පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පැවසුවේ වර්ජනයට සහාය නොදක්වන්නේ ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිති බවයි.

කෙසේවෙතත් මෙම වැඩවර්ජනයට සම සෞඛ්‍ය වෘත්තීයවේදී ඒකබද්ධ බල මණ්ඩලය සහාය දක්වන්නේ නැහැ.

එහි විධායක සභික චලිත් අමරදිවාකර මහතා පැවසුවේ වැඩවර්ජනයට හේතු බවට ප්‍රකාශ කරන කරුණු පදනම් විරහිත බවයි.

ළමා රෝහල්, වකුගඩු රෝහල් සහ පිළිකා රෝහල්වල වැඩවර්ජනය ක්‍රියාත්මක නොවන බවයි පරිපූරක වෛද්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය පැවසුවේ.