මැදින් පුර පසළොස්වක පොහොය යෙදී ඇති අද දිනයේ ශ්‍රීී පාදස්ථානය වන්දනා කිරීමට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට ලක්ෂයකට අධික වන්දණාකරුවන් පිරිසක් පැමිණ ඇතැයි වාර්තා වනවා.

එළෙස පැමිණි වන්දනාකරුවන් නල්ලතන්නිය ශ්‍රී පාද මාර්ගයේ සීත ගඟුළේ සිට උඩ මළුව දක්වාම දිගු පෝලිම්වල පැය ගණනාවක් රැදී සිට ඇති අතර, ඇතැම් වන්දනාකරුවන් ශ්‍රී පාද පද්මය කරුණා කිරීමට නොහැකිව පහල බැස ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෙවර ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ කරීමෙන් පසු හැටන් මාර්ගය ඔස්සේ පැමිණි වැඩිම වන්දනාකරුවන් පිරිස ඊයේ දින පැමිණි බවත්, ශ්‍රි පාද රත්නපුර මාර්ය ඔස්සේද විශෘල වන්දනාකරුවන් පිරිසක් ශ්‍රී පාද උඩ මළුව දක්වා කරුණා කල බැවින් මෙම තදබදය ඇති වී තිබෙනවා.

වන්දනාකරුවන් පැමිණි වාහන නල්ලතන්නියේ සියලුම රථ ගාල්වල ගාල් කර සෙසු වාහන නල්ලතන්නිය මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ රිකාටන් දක්වා කිලෝමීටර් 6ක් දුරට මාර්ගය දෙපස ගාල් කර තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලා.