රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404දෙනෙකු සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජය එකඟ වී ඇතැයි වාර්තා වනවා.
ඊට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු වුණා.

එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසුවේ 2025 වර්ෂය සඳහා ද චීනය රෙදි මීටර් මිලියන 11. 82ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළ බවයි.

එමගින් සමස්ත ජාතික අවශ්‍යතාව ආවරණය වූ බවත් රට පුරා සිසුන් මිලියන 4.6කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ සැලසුණු බවත් ඔහු පැවසුවා.

එහි සමස්ථ වටිනාකම රුපියල් බිලියන 5.17කට අධිකයි.