Published
අද (10) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ලිට්රෝ ගෑස් මිල ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 3990ක් වන බවයි එම ලිට්රෝ ගෑස් සමාගම නිවේදනය කර ඇත්තේ.
කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120කින් ඉහළ යන අතර එහි නව මිල රුපියල් 1602ක් වනවා.
එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 56කින් ඉහළ දමන අතර එහි නව මිල රුපියල් 750ක් වනවා.




