Published
වහාම ක්‍රියාත්මක වන පරිදි බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා මහතා ස්ථාන මාරු කර තිබෙනවා.
පොලිස් වෛද්‍ය සේවා කොට්ඨාසය වෙත ඔහු ස්ථාන මාරු කර ඇති බවයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසුවේ.
පසුගිය කාලයේදී ඔහුගේ මූලිකත්වයෙන් පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් රැසක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
ඒ අනුව පාතාල සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ඔහුට මරණ තර්ජන ද එල්ල වී තිබෙනවා.




