Published
නිසි ලෙස තොරතුරු ලබා නොදී නිකුත් කර ඇති දුරකථන සිම් කාඩ්පත් අට ලක්‍ෂ අනූ හත් දහසක් පමණ රට තුළ ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා පවසනවා.
දුරකථන සිම් කාඩ්පත් නැවත ලියාපදිංචිය සදහා රෙගුලාසියක් පැනවීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියාසිටියා.
නිවැරදි තොරතුරු නොමැති සිම් කාඩ්පත් මාස දෙකක් ඇතුළත ලියාපදිංචි කිරීම අනිවාර්ය කිරීමටද තීරණය කර ඇති බවයි නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේ.
ඪ




