ලොව පුරා සීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතින “කෝ-කෝ” ක්‍රීඩාවේ මෙරට ජාතික ශූරතාවලිය හෙට ආරම්භ වනවා.

ඒ, රත්නපුර නව නගර ක්‍රීඩාංගණයේදීයි.

ජාතික “කෝ-කෝ” ශූරතා තරගාවලිය මෙවර පැවැත්වෙන්නේ එළඹෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම තොරා ගැනීමේ අරමුණින්.

මෙරට “කෝ-කෝ” ක්‍රීඩාවේ ජාතික පුහුණුකරු වන අතුල විජේනායක මහතා පැවසුවේ දින දෙකක් ජාතික ශූරතාවලිය පවත්වන බවයි.

මෙවර ජාතික “කෝ-කෝ” ශූරතා තරගාවලිය සඳහා දිස්ත්‍රික්ක 16ක් නියෝජනය කරමින් පිරිමි කණ්ඩායම් 16ක් හා දිස්ත්‍රික්ක 12ක් නියෝජනය කරමින් කාන්තා කණ්ඩායම් 12ක් සහභාගී වීමට නියමිතයි.