හින්දු බැතිමතුන් විසින් ශිව දෙවියන් උදෙසා පුද පූජා පවත්වන මංගල්‍යය ලෙසයි මහා ශිව රාත්‍රි දිනය සැලකෙන්නේ.
මහා ශිව රාත්‍රිය යනු කුමක්ද? මේ, ජාත්‍යන්තර හින්දු සම්මේලනයේ ලේකම් ආචාර්ය ශිව ශ්‍රී රාමචන්ද්‍රන් කුරුක්කල්තුමා.
මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ සියලු මානව බැඳීම්වලට ගරු කරන විනයගරුක සහ සහකම්පනයෙන් යුත් සමාජයක් ගොඩනැඟීමේදී මෙවැනි ආගමික හා සංස්කෘතික අවස්ථා ඉතා වැදගත් බවයි.
මහා ශිව රාත්‍රියේ ආධ්‍යාත්මික පණිවිඩය එකිනෙකා අතර සාමුහික බව තවදුරටත් ශක්තිමත් කරන අවස්ථාවක් ලෙසයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරනය කරන්නේ.
මහා ශිව රාත්‍රී දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවේ.
අවිද්‍යාව පරදා ප්‍රඥාවත්, අන්ධකාරය පරදා ආලෝකයත් ජයග්‍රහණය කිරීම සංකේතවත් කරන මහා ශිවරාත්‍රිය, ආධ්‍යාත්මික විනය සහ අභ්‍යන්තර සාමය උදාකර දෙන උතුම් දිනයක් බවයි.
බහුවිධ සංස්කෘතීන්ගෙන් පෝෂණය වූ අපේ සමාජය තුළ, පරාර්ථකාමිත්වය, කරුණාව සහ එකමුතුකම තුළින් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව මෙම උත්සවය තුලින් අපට සිහිපත් කරන බවයි අග්‍රාමාත්‍යය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නිකුත් කළ මහා ශිව රාත්‍රී දිනය පණිවිඩයේ වැඩි දුරටත් සදහන් වන්නේ .



