2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන අවසන් තරගය අද (28) රාත්‍රියේ පැවැත්වෙනවා.

ඒ, පකිස්ථානය කණ්ඩායමට එරෙහිවයි.

පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී එම තරගය ආරම්භවීමට නියමිතව ඇත්තේ රාත්‍රී 7ටයි.

මෙම තරගයේ ප්‍රතිඵලය ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන ගමනට කිසිදු බලපෑමක් එල්ල වන්නේ නැහැ.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විටත් පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් ඉවත්ව සිටීම හේතුවෙන්.

කෙසේවෙතත්, මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට සහභාගී වූ අවසන් තරග 03ම පරාජයට පත්ව සිටින බැවින් මෙම තරගයේ ජයග්‍රහණය ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට වැදගත් වනු ඇති.

මේ අතර, 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට දෙනාගේ වටයේ ඊයේ රාත්‍රියේ පැවති තීරණාත්මක තරගයෙන් ජය ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ, නවසීලන්තය පරාජයට පත්කරමින්.

ඒ අනුව නවසීලන්තයට 2026 පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගන්නවාද නැද්ද යන්න තීරණය වන්නේ අද පැවැත්වෙන ශ්‍රි ලංකා - පකිස්ථාන තරගයේ ප්‍රතිඵලය මතයි.