මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර තරගය කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (19) පස්වරු 03ට ආරම්භ වීමට නියමිතයි.
මූලික වටයේ ශ්‍රී ලංකා පිල සහභාගී වන අවසන් තරගය මෙයයි.
මෙම කණ්ඩායම් දෙකම මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 08 දෙනාගේ වටයට සුදුසුකම් ලබා අවසන්.
මෙම තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු වීමට නියමිත බවටද වාර්තා පලවනවා.
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද දිනයේ තවත් තරග දෙකක් පැවැත්වෙනවා.
පළමු තරගය පැවැත්වෙන්නේ ඉතාලිය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතරයි.
අවසන් තරගය ඇෆ්ගනිස්ථානය හා කැනඩාව අතර පැවැත්වෙනවා.
මේ අතර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රියේ පැවති තරගයෙන් ඉන්දියාව, නෙදර්ලන්තය පරාජය කරමින් ලකුණු 17 කින් ජය ගත්තා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුළු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 193 ක්.
කෙසේවෙතත් නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 7 ක් දැවී නෙදර්ලන්ත කණ්ඩායමට රැස් කිරීමට හැකි වූයේ ලකුණු 176 ක් පමණයි.




