විදෙස් ගතව ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර සමරු උළෙල සහ 11 වන මහ සභාවේ 02 වන විධායක කමිටු සභාවාරය එළඹෙන නොවැම්බර් මස 28 වනදා සිට දෙසැම්බර් මස 02 වනදා දක්වා ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
එහි සංවිධාන කටයුතු පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටයි කටයුතු කර ඇත්තේ.
දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ සහ ගිහි නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම සංවත්සරය සඳහා අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය ලබා දීම වෙනුවෙන් ඒකාබද්ධ කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබෙනවා.
එම කමිටුව බුද්ධ ශාසන අමාත්‍යවරයා, ජනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකු, ආරක්ෂක ලේකම්වරයා, පොලිස්පතිවරයා සහ විදේශ අමාත්‍යංශයේ නිලධාරීන්ගෙන් සමන්විතවයි.
ථෙරවාද, මහායාන සහ වජ්රයාන යන සියලුම බෞද්ධ සම්ප්‍රදායන් නියෝජනය කරමින් රටවල් 50ක නියෝජිතයන් 600ක් පමණ මෙම සංවත්සරය වෙනුවෙන් මෙරටට පැමිණීමට නියමිතයි ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා ඇතුළු මෙරට භික්ෂූන් වහන්සේලා 500 නමකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්වීමටයි කටයුතු යොදා ඇත්තේ.
මෙම සැමරුම සඳහා භූතාන රජු ඇතුළු බෞද්ධ රටවල රාජ්‍ය නායකයන්ට ද ආරාධනා කිරීමට අපේක්ෂිතයි.





