කටුනායක ගුවන් තොටුපොළ තුළ දී මෙතෙක් අත් අඩංගුවට ගත් වටිනාකම සහ ප්‍රමාණයෙන් විශාලතම මත්ද්‍රව්‍ය තොගය ලෙස රුපියල් කෝටි 50ක වටිනා කමකින් යුත් "කුෂ්" මත්ද්‍රව්‍ය තොගයක් අද (06) කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අද උදෑසන ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී 'හරිත මාවත' ඔස්සේ පළා යාමට තැත් කළ විදේශීය ගුවන් මගීන් තිදෙනෙකු සමඟ අදාළ මත්ද්‍රව්‍ය තොගය රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටියේ
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ මුම්බායි නුවර පදිංචි කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගයෙකි.
27 හැවිරිදි පිරිමි පුද්ගලයා මුම්බායි නුවර දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක සේවය කරන්නෙක් වන අතර කාන්තාවන් දෙදෙනා 25 හැවිරිදි සහ 31 හැවිරිදි වියේ පසුවන මුම්බායි නුවර සේවය කරන පාසැල් ගුරුවරියන් දෙදෙනෙකු බවයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.
මෙම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු අත්අඩංගුවට ගත් පිරිමි පුද්ගලයා විවාහ වී සිටින අතර අනෙක් කාන්තාව ඔහුගේ නැගණිය වනවා.
ඔවුන් වෙත බැංකොක් සවාරියක් දෙන බවට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පොරොන්දු වී, මෙම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා ඇති බව රේගු නිලධාරීන් සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී අත්හේ
ඔවුන් අද උදෑසන 11.07ට තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු 03ක් තුළ කිලෝ ග්‍රෑම් 01 ග්‍රෑම් 100 කට අධික බරකින් යුතු ඇසුරුම් 48ක් තුළ, මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 50ක ප්‍රමාණය අසුරා සගවාගෙන පැමිණ ඇත්තේ.
අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ඉන්දීය ජාතිකයන් තිදෙනා සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන්තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.





