Published
සීගිරිය, පිදුරංගල මාර්ගයේදී වනඅලියෙකු සිදුකළ පහරදීමකින් විදේශිකයෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ වයස අවුරුදු 68 ක් වූ හංගේරියානු ජාතිකයෙකු එලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි.
ඔහු සිය බිරිද සමග පිදුරංගල මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.
එහිදී තුවාල ලැබූ එම විදේශිකයා කිඹිස්ස රෝහලට ඇතුළත් කිරීමේදි ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි සීගිරිය පොලීසිය පැවසුවේ.




